Saturday, July 16, 2011





සත්තුන් ගෙ කැමැත්ත ජපානයට



පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් අනාවැකි කියන්නට සතුන් යොදා ගැනීමේ මෑත කාලීන ප්‍රවනතාවයට අනුව යමින් අද නිමා වන හය වන කාන්තා ලෝක කුසලාන කිරුළ ජපානයට හිමිවන බවට සත්ව අනාවැකි තහමුරු කරයි. මෙසේ මෙවර අනාවැකි පැවසීම සදහා නයෙක්,බූ වල්ලෙක් සහ අලි පැටියෙකු යොදා ගෙන ඇත.එම සතුන් දැක්වූ ප්‍රතිචාර පිළිබදව ඡායාරූප සහ වීඩියෝ දර්ශනයක් මේ සමග පළ කරන අතර නමුත් ඇමෙරිකාව යනු මෙම කාන්තා ලෝක කුසලාන කෙටි ඉතිහාසය ගත් විට වැඩි පුරම කැපී පෙණුනු කණ්ඩායමයි.


තරගාවලිය පැවති අවස්ථා පහෙන් දෙවරක් සූරතාවය ද තෙවරක් තෙවන ස්ථානය ද දිනා ගෙන ඇති ඇමෙරිකාවට මෙවර සිය තෙවන ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී, මෙම කාන්තා ලෝක කුසලාන තරග ඉතිහාසයේ කිසිදු අවස්තාවක අවසන් කණ්ඩායම් හතරට පැමැණීමට අපොහොසත් වූ ජපානයට එරෙහිව සටන් වැදීමේ වැදීමට සිදු ව ඇත.


Sat, Jul 16, 2011 at 11:11 PM

No comments:

Post a Comment